Impartial news reporting for a stronger democratic society
රු.මිලියන 46ක වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම: අනූෂ පැල්පිට යළිත් වරක් රිමාන්ඩ්

රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (23) අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම  කෙළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම   අද  මෙම නියෝගය නිකුත් කෙළේ ය.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිස මේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි කරුණු දක්වමින් කියා සිටියේ, වසර දෙකක කාලය තුළදි සිය වැටුප් සහ අදායම්වලින් උපයා ගත් නොහැකි රුපියල් මිලියන 46 වත්කම් උපයා ගැනිම හා එකි වත්කම් උපයාගත අකාරය අනාවරණය කිරීම අපෝහොසත්වීම මත සැකකරු අල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  විමර්ශන සිදු කරන බවත්, සැකකරුගේ බිරියගෙන් සහ බිරියගේ සහෝදරයාගේ ප්‍රකාශ සටහන් කැර ගැනීමට ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

සැකකරුට එරෙහි පැමිණිල්ල 2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්, නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නාය.

එකි වත්කම් උපයාගත්තේ කෙසේදැයි 2016 වසරේදී විමසා සැකකරු වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස විදේශ රටක සිටින සිය බිරිද ගේ නැගනිය සහ ඇගේ සැමියා විසින් රුපියල් මිලියන 11 ක මුදලක් එව් බව ප්‍රකාශ කැර ඇති බවත් එය තහවුරුකිරිම කිසිදු ලේඛනයක් ලබා නොදුන් බවත්, ඒ අනුව එම පුද්ගලයින්ගෙන්  ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් පෙන්වා දුන්නේය.
එම පුද්ගලයින් ප්‍රකාශ ලබාදීම මගහැර ඇති බවත් පැවසීය.
මුදල් ඉපවූයේ ඉඩමක් අලවි කිරීමෙන් බවට ප්‍රකාශ කලද එම ඉඩම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් කොමිසම වෙත 2016 සිට ලබා නොදුන් බවත් ප්‍රකාශ  කෙළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ, සේවා දායකයා කිසිදු අයථාවත්කමක් උපයා ගැනීමක් සිදු කැර නොමැති බව කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.
සියලු කරුනු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කැර සිටියේ, සැකකරු සාක්ෂි කරුවන්ට බලපැම් කිරීමට ඇති හැකියාව මත සැකකරු රක්ෂිත බන්ධනාගාගත කරන බවයි.
තවද මෙම සිද්දිය සම්බන්ධයෙන්  පරීක්ෂණ කඩිනමින් අවසන් කොට ඉදිරිදින ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ අල්ලස් කොමිසමට නියෝග කෙළේ.

(lankadeepa– රෝෂන් තුෂාර )

Follow by Email
LinkedIn
Share
WhatsApp