
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ ආරක්ෂක ඇමැති මොහොමඩ් යාකූබ් මොස්කව් නුවරදී රුසියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව Cyber World Press වාර්තා කරයි.
මෑත කාලීනව දෙරට අතර වර්ධනය වෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව එම අවබෝධතා ගිවිසුමෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තලේබාන් රජය ප්‍රකාශ කැර ඇත. එම සම්බන්ධතා වර්ධනය විමේදී රුසියාව සහ පකිස්ථානය අතර පවතින ප්‍රතිත්‍රස්ත හවුල්කාරිත්වය අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි Cyber World Press වැඩිදුරටත් වාර්තා කරයි.
කිසිදු අසල්වැසියකුට නැවත පෙර පරිදි විශ්වසනීයත්වයෙන් යුතුව ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි රුසියාව සමඟ ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු නැවත ඇෆ්ගනිස්තානයට පැමිණි තලේබාන් ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කැර තිබේ.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමාගමීව රුසියාවේ ඇෆ්ගනිස්තාන තානාපතිවරයා එරට නිලධාරින් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම සහ ඇෆ්ගනිස්තානයේ අපනයන ඉහළ දැමීමට ද පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇතැයි Cyber World Press සඳහන් කරයි.
