
චීන ජනාධිපති ෂී ජින පෙරේදා (4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පවත්වා ඇති බව සඳහාන්ය.
මෙම වසර චීනයේ පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බවත්, වඩාත් සක්‍රිය විවෘත භාවයක් හරහා රුසියාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් සමග සංවර්ධනයේ නව අවස්ථා බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී සඳහන් කැර ඇත.
චීන-රුසියා උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ.
චීනය සහ රුසියාව අතර සුහද අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය යෙදෙන අතර, “ චීන-රුසියා අධ්‍යාපන වර්ෂය” දියත් කිරීම මෙම වසරේ දී සිදු වෙයි. දෙපාර්ශ්වය මෙම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉහළ මට්ටමේ හුවමාරු සමීප කළ යුතු අතර, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය. මේ තුළින් චීන-රුසියා සබඳතාව නිවැරදි මාවක් ඔස්සේ අඛණ්ඩව වර්ධනය වීම සහතික කිරීමට අපේක්ෂා කරන බවද ෂී ජින්පිං ජනාධිපතිවරයා පවසයි.
වසර 2026යේ ආරම්භයේ සිට ජාත්‍යන්තර තත්ත්වය වඩ වඩාත් කැළඹිලි සහිත වී ඇත. වගකිවයුතු ප්‍රධාන රටවල් හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ලෙස, චීනය සහ රුසියාව ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කරමින්, දෙවැනි ලෝක යුද්ධයේ ජයග්‍රහණ මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කැර ගන්නා ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතියේ මූලික සම්මතයන් ආරක්ෂා කිරීමටත් ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් එක්ව ක්‍රියා කළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
නව වසර දෙස බලා සිටිමින් රුසියානු-චීන සබඳතාව කෙරෙහි තම රට පූර්ණ විශ්වාසයකින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර කටයුතුවලට ධනාත්මක ශක්තියක් එකතු කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල චීනය සමඟ උපායමාර්ගික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටියි. Shenzhen නගරයේ APEC නායකයන්ගේ නිල නොවන රැස්වීම පැවැත්වීමට රුසියාව, චීනයට සහාය වනු ඇතැයි ද පුටින් ප්‍රකාශ කෙළේය.
රාජ්‍ය නායක දෙපළ පොදු සැලකිල්ලට ලක් ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ප්‍රශ්න පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කැර ගත්හ.
