Impartial news reporting for a stronger democratic society
රුසියාවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකුට නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබලා !– — වෙඩික්කරු සොයා විමර්ශන

රුසියාවේ මොස්කව් නුවරදී ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකුට නාදුනා නොගත් තුවක්කුකරුවකු අද (06) වෙඩි තබා ඇති බවත්, එම තුවක්කුකරු සොයා  මේ වන විට  පුළුල් මෙහෙයුමක් ආරම්භ කැර ඇති බව රුසියානු  බුද්ධි කමිටුවේ  නිලධාරියකු පවසා ඇත.

කමිටු ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ පැවසුවේ වයඹදිග මොස්කව්හි  නේවාසික ගොඩනැඟිල්ලකින් පිටත දී ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව්ට වෙඩි කිහිපයක් එල්ල කැර  පසුව සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.

වෙඩි  පහරට  ලක් වු ඇලෙක්සෙව් පිළිබඳ කිසිඳු තොරතුරක්  මේ වන විටත්  රුසියානු බලධාරීන් ප්‍රකාශයට  පත් කැර  නැත.

රටේ බලවත්ම සහ රහසිගත ආරක්ෂක ආයතනවලින් එකක් වන රුසියානු ජෙනරාල් කාර්යාල මණ්ඩලයේ ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ (GRU) පළමු නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ඇලෙක්සෙව් 2011 සිට සේවය කැර ඇති බව අනාවරණය වෙයි.

මිනීමැරීමට තැත් කිරීම සහ නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අපරාධ නඩුවක් විවෘත කැර ඇති බව පෙට්‍රෙන්කෝ ටෙලිග්‍රෑම් හි ප්‍රකාශයක සඳහන්  කෙළේය.

“ විමර්ශකයන් සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් මේ වන විට එම ස්ථානයේ  විමර්ශන සේවය කරමින් සිටින අතර, CCTV දර්ශන සමාලෝචනය කරමින් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා කරමින් සිටීන බව” ඇය තවදුරටත් සඳහන් කෙළේය. වගකිව යුතු අය හඳුනාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවයි.

රුසියානු භූමියේදී ඉහළ පෙළේ නිලධාරියකු ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, රුසියාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් ට දකුණු මොස්කව්හිදී ඔහුගේ මෝටර් රථය යට පුපුරණ ද්‍රව්‍යය  සවිකැර  පුපුරවා  හැරීම නිසා මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි.

( TRT ඇසුරෙන් )

Follow by Email
LinkedIn
Share
WhatsApp