Impartial news reporting for a stronger democratic society
රුසි­යා­වට ඔත්තු දුන් CIA  හිටපු ප්‍රතිබුද්ධි නිල­ධා­රි­යා සිරගෙදරදී මිය යයි

සිරදඬු­වම් විඳි­මින් සිටි CIA සංවි­ධා­නයේ හිටපු ප්‍රතිබුද්ධි නිල­ධා­රි­යකු වන ඕල්ඩ්රිච් ඒම්ස් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව අනාවරණය වෙයි.

රුසි­යා­වට ඔත්තු සැප­යීමේ චෝද­නා­ව මත ඕල්ඩ්රිච් ඒම්ස් අත්අඩංගුවට ගෙන අමෙරිකාව ඔහුට ජීවි­තා­න්තය දක්වා  සිරදඩුවම් නියම කෙළේය.

අමෙ­රි­කානු ඉති­හා­සයේ දරු­ණු­තම දේශ­ද්‍රෝ­හියා ලෙස ඉති­හා­ස­ගත වී සිටි 84 හැවි­රිදි ඕල්ඩ්රිච් ඒම්ස් මේරි­ලන්ඩ්හි පිහිටි පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­යේදී මෙලො­වින් සමු­ගත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

එව­කට සෝවි­යට් දේශ­යට සහ පසුව රුසි­යා­වට රහස් තොර­තුරු අලෙවි කිරීමේ වරද පිළි­ගැ­නී­මෙන් පසු ඔහු එම සිරදඬු­ව­මට ලක්වී ඇත්තේ 1994 අප්‍රේල් මාස­යේදී බව වාර්තා වේ. වසර 1985දී සෝවි­යට් දේශයේ ඔත්තු බැලීම සඳහා CIA සංවි­ධා­නය යොද­වනු ලැබූ ඒම්ස් පසුව සිය සංවි­ධා­නයේ සහ රජයේ අති­ශය රහස් තොර­තුරු සෝවි­යට් දේශ­යට අලෙවි කිරීම ආරම්භ කැර ඇති අතර, සෝවි­යට් දේශය බිඳවැටී­මෙන් පසුව ද සිය කාර්යය අඛ­ණ්ඩව සිදු කැර තිබේ. ඕල්ඩ්රිච් ඒම්ස් පිළි­බඳ සැබෑ තොර­තුරු CIA සංවි­ධා­න­යට අනා­ව­ර­ණය වී ඇත්තේ සෝවි­යට් දේශයේ සිටින සිය ඔත්තු­ක­රු­වන් දිගින් දිග­ටම එරට බල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගු­වට පත්වීම සම්බ­න්ධව සිදු කළ පරි­ක්ෂ­ණ­ව­ලින් පසුව බවද  අනාවරණය වෙය.( දිනමිණ ඇසරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp