Impartial news reporting for a stronger democratic society
රුපියල් කෝටි 50ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය ජාතිකයන් 3ක් සමඟ කටුනායක ගුවන් තොටේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ තුළදී රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනකු අද (06) අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින්ට අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ..

එම සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙක් වන අතර ඔවුන් අතරින් එක් කාන්තාවක් සමඟ එම පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණියයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන් තොටුපොළින් සොයාගත් ප්‍රමාණයෙන් වැඩිම සහ වටිනාකමින් ඉහළම මත්ද්‍රව්‍ය තොගය බව  අනාවරණය වෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp