Impartial news reporting for a stronger democratic society
රටේ අයහපත් කාලගුණයේ වෙසක් නැහැ ! මරණ 47 යි , 21 අතුරුදන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට  සිදු වූ මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අයහපත්  කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  නිවේදනය කරයි.

ඊයේ ( 26) සහ අද ( 27) යන දෙදින තුළ පමණක් පුද්ගල මරණ 37ක් වාර්තා වීම මෙම තත්ත්වය තවත් බරපතල කැර ඇත.

මරණ සංඛ්‍යාව 47 ක් වන අතර අතුරුදන් වූවන් ගණන 21කි.පවුල් 1,729ක පුද්ගලයන් 5,893ක් පීඩාවට පත්ව ඇතැයි මේ වන  අනාවරණය වෙයි.

දිස්ත්‍රික්ක අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් හේතුවෙන් මරණ 23ක්  සිදුව ඇත් අතර , අතුරුදන් වූ සංඛ්‍යව 5දක්වා ඉහළ ගොස්  ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පැවසුවේ  පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගංගොඩ ප්‍රදේශයේ සිදු වූ දරුණු නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන් වී  තිබේ..

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, නායයෑමේ අවදානමක් හේතුවෙන් එක් නිවෙසක රැඳී සිටි පදිංචිකරුවන්  පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ. මේ වනවිට අතුරුදන්ව සිටි පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 6ක් සිදුව තිබේ. දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පැවසුවේ, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ටම මෙම අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටින්නේ, පීඩාවට පත් ප්‍රදේශවල සහන සේවා කඩිනමින් ක්‍රියාත්මක කරන අතර, අතුරුදන් වූවන් සෙවීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp