Impartial news reporting for a stronger democratic society
රටම කඳුළින් තෙත් කළ සුනාම් ව්‍යසනයට 21ක් වසරක් සපිරේ

ශ්‍රී ලංකාවේ  පමණක් 35,000කට අධික පිරිසකගේ ජීවිත අහිමි කර­මින්, තවත් 5,000කට අධික පිරි­සක් අතු­රු­දන් කර­මින් අති බිහි­සුණු සුනාමි ව්‍යස­නය සිදු වී  අදට (26) වසර 21ක් සපිරේ.

2004 වසරේ ඉන්දි­යන් සාග­රයේ සුමාත්‍රා දූපත ආසන්න සාගර පතුලේ හට­ගත් රිච්ටර් මාපක 9.3ක ප්‍රබල භූ කම්ප­නය හේතු­වෙන් හට ගත් උදම් රළ ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් රැස­කට මිනිස් ජීවිත රැසක් අහිමි කළ අතර විශාල දේපොළ හානි­යක් ද සිදු  කෙළේය.

මේ ව්‍යස­නයේ අඳුරු මත­ක­යන් හා ඉන් මිය­ගිය හා අතු­රු­දන් වූවන් සිහි කර­මින් 2012 වසරේ “ජාතික සුර­ක්ෂිත දිනය” වාර්ෂි­කව දෙසැ­ම්බර් 26 වැනිදා සම­රනු ලබයි. ඒ අනුව පැරෑ­ලිය පදු­ම­ග­බ්භා­රාම විහා­රා­ධි­පති පැරෑ­ලියේ විමල නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි සංවි­ධාන කර තිබේ. මෙම ගුණ­ස­මරු උත්ස­වයේ වැඩ කට­යුතු සර්ව ආග­මික වතා­වත් සිදු කිරී­මෙන් පසුව ආරම්භ වේ.

“ ජාතික ආරක්ෂක දිනයේදී ” සුනාමියෙන් සහ අනෙකුත් ව්‍යසනවලින් මියගිය අය සිහිපත් කිරීම සඳහා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා දිවයින පුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp