Impartial news reporting for a stronger democratic society
යුරෝපා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ දී සුදීප් වෑගපිටිය ට රිදී පදක්කමක්

පෝලන්ඩ් හි පසුගිය දා පැවති (European Masters Athletics Championship 2026) යුරෝපා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා  තරගාවලියේ දී M35 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සුදිප් වෑගපිටිය සමත් වී ඇත.

මෙහු මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ජාතික පාසල් හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම සහ 2008 Sri Lanaka National Youth Games – Under20 රන්පදක්කම දිනාගත් සුදීප්, මේවන විට ස්වීඩනයේ ජීවත් වෙති. මොහු මෙවර මෙම තරගය සඳහා ස්වීඩනය නියෝ­ජ­නය කරමින් තරග වැදුනි.

 සුදීප් ,කොළඹ විශ්වවිද්‍යාලයේ  ( UCSC ) පරිඝනක විද්‍යාව  උපාධිය ලබා ගෙන  ඇති අතර, කොළබ විශ්වවිද්‍යාලය තුළද කැපී පෙනන දක්ෂතා පෙන්නුම් කැර ඇති මොහු 2011 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මෙන්ම එම වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ නව තරග වාර්තාවක් පිහිටු වීමට සමත් විය. තවද 2010 වසරේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිය , අන්තර් විශ්වවිද්‍යාල මළල ක්‍රීඩා තරග , කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා වර්ණ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා වර්ණ  ලබා ගෙන ඇති අතර , ජයග්‍රහණ රැසක් දිනාගත් ක්‍රීඩකයෙකි.

සටහන -සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp