Impartial news reporting for a stronger democratic society
යුරෝපයෙත්  මුල් ඇද්ද ශ්‍රී ලංකා පාතාලය

ලංකාවට රැගෙන එම ගැටලුවක්

– බුද්ධි නිලධාරියා කියයි  

මෙරට ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන්  දස දෙනකු සහ ඊට  අනුබල  දුන්  පුද්ගලයන්   සියයකට අධික පිරිසක් යුරෝපයේ රටවලට පැන ගොස් ඇති බව රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී  අනාවරණය විය.

ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය , රුසියාව, ඔිස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව,  සුවිඩනය, ජර්මනිය, ජපානය,ඩුබායි ඇතුළු  තවත් රටවල් ගණනාවක මෙම අපරාධකරුවන්  දේශපාලන රැකවරණය ලබා ගෙන ඇති බවත්, ඒ් සදහා විශාල මුදලක්  වියදම්  කැර ඇති බවත් එම නිලධාරියා  පෙන්වා දෙයි.

යුරෝපීය රටවල පවතින  නීති රෙගුලාසි නිසා මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අද බාධාවක් වී ඇති බව එම නිලධාරියා පවසයි. විශේෂයෙන් මෙම අපරාධකරුවන් මෙම රටවල රැදී සිටිමින් මත්ද්‍රව්‍ය වෙළෙදාම ඇතුළු විවිධ  සමාජ විරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ වෙමින්  උපයන මුදල්, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධවලට යෙදවන බව දැන් අනාවරණය වී ඇතැයි  එම නිලධාරීයා තවදුරටත්  පැවසීය.

PIX- BBC

කුඩු අංජු, කංජිපානි ඉමිරාන්,රොටුඹ අමිල,රූබන්,රත්ගම විදුර,කොස්ගොඩ සුජී, කුඩු ලාල්, අන්නාසි මෙරිල්,මොහොමඩ්  සිද්ධික්  වැනි  අපරාධකරුවන් මේවන විට යුරෝපයේ රටවල නැවතී සිටින බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනකු යුරෝපීය කාන්තාවන් සමග විවාහ වී  එම  රටවල  පුරවැසි භාවය ද ලබා ගෙන  ඇති බව  අනාවරණය වී ඇත. විශේෂයෙන් මෙම අපරාධකරුවන් යුරෝපයේ  ඇති බෞද්ධ විහාරවල ප්‍රධාන දායකයන් වි ඇති බව මේ වන විට අණාවරනය වී තිබේ.

විදේශ රටවල සිටින මෙම අපරාධකරුවන් විටින් විට සිය දුරකථන අංක වෙනස් කරන බවත් , මෙම රවවල ඇති පොදු දුරකථන මධ්‍යස්ථානවලින් ( කාසි දාමා  දුරකථන ඇමතුම් ගන්නා කුටි)  ලංකාව ඇතුළු රටවල්වලට  නිරතුරුව ඇමතුම්  ගන්නා බව ද මේ වන විට අනාවරණය වී ඇතැයි  එම  නිලධාරීයා  සදහාන්  කරයි. මෙම නිලධාරියා තවදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම  ඇතැම් නීතිඥයන් ද මේ අපරාධකරුවන් පිටු පස සිටිමින් ඔවුන්ට අවශ්‍ය සහාය දෙන බවයි. මෙම අපරාධකරුවන් ගෙන් සමහරෙක්  යුරෝපයේ සහ  ආසියාවේ  ඇති අපරාධ කල්ලි  සමග ද ඝෘජු සහ වක්‍ර සම්බන්ධතා  ගෙඩනගාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. එම නිසා මෙම අපරාධ ජාලය මර්ධනය  කිරීම සංකිර්ණ ක්‍රියාවලියක් වී ඇතැයි එම නිලධාරියා පෙන්වා දෙයි.

පාතාල අපරාධකරුවකු වූ ගනේමුලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ වු , නේපාලයේ දී අත්අඩංගුවට  පත් වු ඉෂාරා සෙව්වන්දි  ඇතුළු පිරිස යුරෝපයට පැන යෑමට උත්සහ දරා ඇත්තේ, යුරෝපයේ සිටින අපරාධකරුවන්ගේ  සහායෙන් බව මෙවන විට  අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන මෙම අපරාධ නායකයන් සහ කල්ලි ඉතා සැලසුම් ගතව විනාශ නොකළහොත් ශ්‍රී ලංකාවේ අනාගතය ගැන අපට  විශ්වාසයක්  තැබිය නොහැකි බව රාජ්‍ය  බුද්ධි සේවා නිලධාරීයා තවදුරටත් පැවසීය.  

   කොළඹ – විශේෂ වාර්තාකරු