Impartial news reporting for a stronger democratic society
යමුනා අධි­වේගී මාර්ගයේ  සිදු වූ මාරක රිය අන­තු­රින් මිය ගිය ගණන තවත් වැඩි වෙලා ! – අධික මීදුම හේතුවක් බව ඉන්දීය පොලිසිය කියයි

දිල්ලි  නුවර සිට අග්‍රා නගර අතර දිවෙන යමුනා අධි­වේගී මාර්ගයේ ඊයේ(17) සිදු වූ මාරක රිය අන­තු­ර­කින් පුද්ග­ල­යන් 15 මිය ගොස් 75කට වැඩි පිරිසක් තුවාල බලා ඇතැයි ඉන්දි­ය මාධ්‍ය සඳහාන් කරයි.

අධි­වේගී මාර්ගයේ පැවති අධික මීදුම් තත්ත්වය හේතු­වෙන් බස් රථ 8ක් සහ මෝටර් රථ 3ක් එකි­නෙක ගැටී­මෙන්  මෙම මාරක අන­තුර සිදුවී ඇත.

අන­තු­රත් සමඟ වාහන කිහි­ප­යක් ගිනි ගැනී­මෙන් එහි සිටි මඟීන්ට දිවි බේරා ගැනී­මට දැඩි පරි­ශ්‍ර­ම­යක් දැරි­මට සිදු වූ බවත්, ගිනි­ගැ­නී­මට ලක් වූ වාහ­න­ව­ලින් සෙසු වාහ­න­ව­ලට ද ගින්න පැතිරී  යෑම නිසා ගින්නට මැදි වූ බොහෝ දෙනකු පිලිස්සුම්වලින් මිය ගිය බව සඳහාන් වෙයි.

අන­තු­රින් පසු එම ස්ථාන­යට පැමිණි ගිනි නිවන ඒක­කයේ සහ පොලිස් කණ්ඩා­යම් ගිලන් රථ මඟින් තුවා­ල­ක­රු­වන් රෝහල් වෙත යැවී­මට කඩි­නම් පිය­වර ගත් බවත්, ගින්න මැඬපැවැ­ත්වී­මට සමත් වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. තුවාල ලැබූ කිහි­ප­දෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බව රෝහල් ආරංචිමාර්ග සඳ­හන් කර තිබේ.

වායු දූෂ­ණය හේතු­වෙන් මේ වනවිට දිල්ලි නග­රය ඇතුළු පළාත් රැසක ඝන මීදුම් තත්ත්ව­යක් පව­තින බවත්, එවැනි තත්ත්ව­යක් තුළ රථ­වා­හන අධික වේග­යෙන් ධාව­නය කිරීම අන­තු­රට හේතු වී ඇති බවත් මූලික විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ. එරට නගර රැසක වාතයේ ගුණා­ත්ම­ක­භා­වය පහළ මට්ට­ම­කට වැටී ඇති අතර, අග්‍රා සහ දිල්ලි ප්‍රදේ­ශයේ දැඩි වායු දූෂ­ණ­යක් පව­තින බව ඉන්දි­යාවේ වායු දූෂණ පාලන මණ්ඩ­ලය සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp