
මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව, අමිතිරිගල ප්‍රදේශයේ අද (8) පස්වරුවේ සිදු වු රිය අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරෙන් පසු යතුරුපැදිය ගිනි ගත් බව අනාවරණය වෙයි. තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.

