Impartial news reporting for a stronger democratic society
මොළ 7ක දුෂණ සහ අභියෝග

දූෂණය ශ්‍රී ලංකාවට  අලුත් දෙයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය අරමුදල්  සහ රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිතා කිරීම, බලය  අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳ චෝදනා  බලයට  පැමිණි  සෑම ආණ්ඩුවකටම  අඩු  වැඩි වශයෙන්  තිබුණ අතර  ඔවුන් ජනතාවගේ  දැඩි විවේචනයට ලක් වුණ බව  රහසක් නොවේ. හිටපු  ඇමැති බසිල් රාජපක්ෂ  2010 සිට 2015 දක්වා කාලය තුළ රු. බිලියන 1.03කට අධික රාජ්‍ය අරමුදල් අයථා ලෙස භාවිතා කළ බවට ඇති  චෝදනා  ගැන  මේ වන විට විමර්ශන ආරම්භ  වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.  ඒ්  බැවින් මෙම ගැටලුවේ ගැඹුර සහ වගකීමේ අභියෝගය පිළිබඳ දැඩි ප්‍රශ්න මතු කරයි.

චෝදනා: අධික භාවිතයේ සාරාංශය

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් PRECIFAC වාර්තාව (බරපතල වංචා, දූෂණ සහ බලය, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසම (PRECIFAC) 2018 ජනවාරි 17 වැනි දින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී.) මූලික කරගෙන විමර්ශනයක් ආරම්භ කැර ඇත. එම වාර්තාවේ සඳහන් වූ අයථා ක්‍රියා පිළිබද ප්‍රධාන චෝදනා මෙසේය.

  • ගුවන් හමුදා ගුවන් යානා අයථා භාවිතය –
    2010 ජූනි 2 සිට 2014 නොවැම්බර් 7 දක්වා, රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා දේශීය ගමන් සඳහා භාවිතා කළ අතර, ‘ මග නැගුම ’ ව්‍යාපෘතියෙන් රු. මිලියන 155.4 වියදම් කැර ඇත.
  • ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන භාවිතය-
    රාජපක්ෂ විසින් වාහන 14ක් – ආරක්ෂාව සඳහා භාවිතා කළ  අධිබල වාහන 3ක් සහ වෙනත් වාහන 11ක් – අයථා ලෙස භාවිතා කිරීමෙන් 
    රු. මිලියන 612 කට අධික අලාභයක් රාජ්‍යයට සිදු වී ඇත.
  • පෞද්ගලික ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් යොදවීම –
    2010 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා, 
    නාවික හමුදා නිලධාරීන් 64ක් සහ යුද හමුදා නිලධාරීන් 84ක් පෞද්ගලික ආරක්ෂාව සඳහා යොදවීමෙන් රු. මිලියන 264.3 කට අධික වැටුප් සහ දීමනා වියදම් කැර ඇත.

මෙම සංඛ්‍යාත දත්ත රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිතා කිරීමේ ප්‍රමාණය සහ එය ජන විශ්වාසය  කඩා වැටීම පැහැදිලි කරයි.

පද්ධතිමය දූෂණය පවතින්නේ ඇයි?-

ශ්‍රී ලංකාවේ පාලන ව්‍යවස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ දුර්වල ආයතනික පරීක්ෂණ සහ ද දණ්ඩ මුක්තියේ සංස්කෘතියක් නිසා විවේචනයට ලක්වී ඇත. මෙයට හේතු වන ප්‍රධාන කරුණු:

  1. බලය කේන්ද්‍රීකරණය –
    දේශපාලන පවුල්වල සහ විධායක පාලනය , වගකීමේ ක්‍රමවේද මඟ හැරීමට ඉඩ සලසයි.
  2. නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවය –
    CIABOC වැනි ආයතන පවතින නමුත්, දේශපාලන බලපෑම් සහ සම්පත් හිඟය නිසා ඒවායේ කාර්ය සාධනය අඩු වේ.
  3. අයථා භාවිතය සාමාන්‍යකරණය –
    රාජ්‍ය සම්පත් පෞද්ගලික හෝ දේශපාලන අරමුණු සඳහා භාවිතය සාමාන්‍ය ක්‍රියාවක් ලෙස පිළිගැනීම.
  4. නීතිමය ප්‍රමාදය –
    විමර්ශන වසර ගණනාවක් ගතවීමෙන් චෝදනා ලැබූ පුද්ගලයන් බලය තවදුරටත් පවත්වාගෙන යෑම.

PRECIFAC සහ CIABOCගේ භූමිකාව

PRECIFAC – බරපතල වංචා, දූෂණ සහ බලය, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසම (2016) – ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ දූෂණය හෙළිදරව් කිරීමට අරමුණු කළ වැදගත් උත්සාහයකි. එහි නිගමන CIABOC විසින් නීතිමය ක්‍රියාමාර්ග සඳහා භාවිතා කිරීම, වගකීමේ අභියෝගය පිළිබඳ ප්‍රබල පියවරක් බව පෙන්වයි.

කෙසේ වෙතත්, නීතිමය ක්‍රියාවලිය මන්දගාමී වීම සහ දේශපාලන ගනු දෙනු නිසා, මෙම විමර්ශන සාර්ථකව නිමවීම පිළිබඳ සැක පවතී.

අභියෝග –

අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය වැනි සමාජ සංවිධාන පාරදෘශ්‍යතාව ඉල්ලීමේදී වැදගත් භූමිකාවක් ඉටු කරයි. නමුත්, සාර්ථක ප්‍රතිපළ සඳහා පද්ධතිමය වෙනසක් සඳහා අවශ්‍යය. එනම්,

  • නීති සංශෝධන: දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ විමර්ශන ආයතන ස්වාධීන කිරීම.
  • ඩිජිටල් පාරදෘශ්‍යතාව: e-Governance ක්‍රමවේද හඳුන්වා දීම.
  • සංස්කෘතික වෙනස: රාජ්‍ය සේවයේ නීතිමය සංකල්ප ප්‍රවර්ධනය සහ පක්ෂපාත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම.

නඩුවේ වැදගත්කම –

බැසිල් රාජපක්ෂ එරෙහි නඩුව, පුද්ගලයකු පිළිබඳ පමණක් නොවේ. මෙය  සමස්ත ශ්‍රී ලංකාවම දූෂණය මුහුණ දී තිබේ ද  යන්න පරීක්ෂා කරන නඩුවකි. චෝදනා සනාථ වී, වගකීමේ ක්‍රියාමාර්ග ගත්හොත්, එය අනාගත පාලනය සඳහා නව මාර්ගයක් සලසයි. එසේ නොවුවහොත්, ජන විශ්වාසය තවදුරටත් කඩා වැටී, දණෟඩ මුක්තියේ  සංස්කෘතිය දිගටම පවතිනු ඇත.

ප්‍රධාන ප්‍රශ්නය –

ශ්‍රී ලංකාවට පද්ධතිමය දූෂණයෙන් මිදිය හැකිද? පිළිතුර දේශපාලන කැමැත්ත සහ අධිෂ්ඨානය, ආයතනික ශක්තිය සහ ජන බලය මත රඳා පවතී. එතෙක්, මෙවැනි නඩු හුදෙක් පුවතක් ලෙස  නොව, රටේ අනාගතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන සංකේත ලෙස පවතී.

Sri Lanka Brief

ඇසුරින්

Follow by Email
LinkedIn
Share
WhatsApp