Impartial news reporting for a stronger democratic society
මෙක්සි­කෝවේ පාතාලය සහ  ආරක්ෂක අංශ අතර දරුණු සටන් ! කඩ සාප්පු ,ඉන්ධන පිර­වු­ම්හල් ගිනි­බත් වෙයි – පාතාල කෙරුමෝ රැසක් මරුට

මෙක්සි­කෝවේ ආර­ක්ෂක අංශ සහ එරට දරු­ණු­තම අප­රාධ සංවි­ධා­න­යක් අතර ඇතිවූ වෙඩි හුව­මා­රු­ව­කදී පාතාල නාය­ක­යකු සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන නෙමෙ­සිකෝ ඔසෙ­ගු­වේරා හෙවත් ‘එල් මෙන්චෝ’ ඝාත­න­යට ලක්වි­මෙන් ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මෙක්සි­කෝවේ වඩාත්ම අත්‍ය­වශ්‍ය පුද්ග­ලයා ලෙස නම් කැර සිටි එල් මෙන්චෝ මිය­ගොස් ඇත්තේ එම ප්‍රාන්තයේ ටැපල්පා නග­රයේ සිදු වූ වෙඩි හුව­මා­රු­වේදී තුවාල ලැබී­මෙන් පසු හමුදා හෙලි­කො­ප්ට­ර­ය­කින් රෝහල කරා රැගෙන යමින් සිටි­යදී බව සඳහාන් වේ.

සිය නාය­ක­යාගේ ඝාත­න­යෙන් කුපිත වූ “ජලිස්කෝ නව පර­පුරේ සංවි­ධා­නය” නමැති අප­රාධ සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් මෝටර් රථ ගිනි තබ­මින් ප්‍රාන්තය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පතු­රුවා ඇති අතර, ප්‍රාන්තයේ ප්‍රධා­න­තම ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළ­කට ද ප්‍රහා­ර­යක් එල්ල කර ඇත. පොදු ප්‍රවා­හන බස් රථ, සාප්පු සංකීර්ණ සහ ඉන්ධන පිර­වු­ම්හල් ඇතුළු පොදු දේපොළ ගිනි තබ­මින් ප්‍රචණ්ඩ ලෙස හැසි­රෙන අප­රාධ කල්ලිය පාල­නය කිරීම සඳහා මෙක්සි­කෝවේ ආර­ක්ෂක හමු­දාව දැඩි උත්සා­හ­යක නිර­තව සිටින අතර, වෙඩි හුව­මා­රු­වේදී ආර­ක්ෂක අංශයේ නිල­ධා­රින් තිදෙ­නකු ද තුවාල ලබා ඇතැයි එරට ජාතික ආර­ක්ෂක ලේකම් කාර්යා­ලය නිවේ­ද­නය කැර තිබේ.
අප­රාධ සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් සිවු­දෙ­නකු ද ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහා­ර­යෙන් මිය­ගොස් ඇති අතර, නාය­ක­යාගේ ඝාත­න­යෙන් කෝප­යට පත් සන්නද්ධ කල්ලිය ජලිස්කෝ ඇතුළු ප්‍රාන්ත 8ක මාර්ග බාධක ඉදි කර ආර­ක්ෂක හමු­දා­වට දරුණු ප්‍රහා­ර­යක් ආරම්භ කැර තිබේ.

ඊයේ වන­විට එම ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමා ඇති අතර, නිවා­ස­ව­ලින් බැහැ­රව යෑමෙන් වළ­කින ලෙස ප්‍රාන්ත ආණ්ඩු­කාර පැබ්ලෝ ලේමස් ජන­තා­වට උප­දෙස් ලබා දී තිබේ. මේ වන­විට අමෙ­රි­කාවේ බන්ධ­නා­ගා­ර­ගත වී සිටින හිටපු පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවා­රම් නාය­ක­යන් වන එල් චැපෝ සහ ඉස්මා­යිල් සම්බා­ඩා­ගෙන් පසු එරට ප්‍රබ­ල­තම පාතාල නාය­කයා ලෙස සැල­කෙන 59 හැවි­රිදි එල් මෙන්චෝ අත්අ­ඩං­ගු­වට ගැනීමේ ඔත්තුව සපයා ඇත්තේ අමෙ­රි­කා­වෙන් බව ද අනාවරණය වේ.
හිටපු පොලිස් නිල­ධා­රි­යකු ද වන එල් මෙන්චෝ පිළි­බඳ තොර­තුරු සප­යන පුද්ග­ල­යන්ට ඩොලර් මිලි­යන 15ක මුදල් ත්‍යාග­යක් ලබා දෙන බව මීට පෙර අමෙ­රි­කාව නිවේ­ද­නය කර තිබූ බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ජලිස්කෝ ප්‍රාන්තයේ උද්ග­තවී ඇති තත්ත්වය සැල­කි­ල්ලට ගෙන එම ප්‍රාන්තයේ සිටින සිය පුර­වැ­සි­යන්ට ආර­ක්ෂිත ස්ථාන කරා යන ලෙස අමෙ­රි­කානු රජය ඉල්ලී­මක් කර ඇති අතර, කැන­ඩාව ද ජලිස්කෝ ප්‍රාන්තයේ සිටින සිය පුර­වැ­සි­යන්ට එවැ­නිම අන­තුරු ඇඟ­වී­මක් සිදු කර ඇතැයි වාර්තා වේ. මේ වන විට අමෙ­රි­කානු සහ කැනේ­ඩි­යානු ගුවන් සමා­ගම් ජලිස්කෝ ප්‍රාන්තයේ සිදු කරන සියලු ගුවන් මෙහෙ­යුම් අත්හි­ටුවා තිබේ.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp