Impartial news reporting for a stronger democratic society
මිලියන 8ක කේරළ ගංජා කල්පිටිය කලපුවේදී  නාවික හමුදා අත්අඩංගුවට 

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ දී  පසුගිය දා ( 04 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස් අටක  පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක්  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමඟාමීව,  මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කරතව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා  වෙරළ තීරය සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කැර ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ යාත්‍රා යොදවා, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ හා වෙරළ ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කැර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රා තුළ පාර්සල් දහඅටක  අසුරා සඟවා තිබූ කේරළ කංසා කිලෝ තිස් අටක  පමණ තොගයක් සමඟ එම  ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට  ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන අටකට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර,  එම කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස්  මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp