
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන්, සහාන ආධාර රැගත් මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මියන්මාර රජයේ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානාව කටුනායකට පැමිණ ඇති අතර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද මෙම ආධාර තොගයේ අඩංගු වේ.
මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටිහය.
එමෙන්ම මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි වුහ.
