Impartial news reporting for a stronger democratic society
මියන්මාරයේ සයි­බර් අප­රාධ කඳවුරු සුනේ සුන් ! ජාතීන් 20ක පුද්ගලයන් 260ක් බේරා ගනිති බුල්ඩෝසර් යොදවා ගොඩනැඟිලි කුඩු පට්ටම් කරයි

නැඟෙ­න­හිර මිය­න්මා­රයේ තායි­ලන්ත දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි කයින් ප්‍රාන්තයේ පිහිටි සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­න,­ මියන්මාර හමුදා  මෙහෙයුමකින් පසු  වටලා එහි සිටි ජාවා­ර­ම්ක­රු­වන් සහ ඔවුන් භාවිත කළ විශාල ගොඩ­නැ­ඟිලි , පුපු­රන ද්‍රව්‍ය  බුල්ඩෝ­සර් යන්ත්‍ර යොදා ගනි­මින්  විනාශ කිරීමට  පියවර ගත් බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

මේ වන­විට මිය­න්මාර හමු­දාව එම ප්‍රාන්තයේ සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථාන වැට­ලීමේ දැවැන්ත මෙහෙ­යු­ම් ආරම්භ කර ඇති අතර, ඒ්වායේ සිරවී සිටි  පුද්ගලයන් බෙිරා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථාන වැට­ලීමේ මෙහෙ­යු­මට නාය­ක­ත්වය ලබා දෙන කර්නල් මින් තූ ක්යැව් ප්‍රකාශ කැර ඇත්තේ, එවැනි මධ්‍ය­ස්ථා­න­වල සිටින විවිධ රට­ව­ලට අයත් පුද්ග­ල­යන් කළ­ම­නා­ක­ර­ණය කිරී­මට බල­ධාරීන් දැඩි උත්සා­හ­යක නිර­තව සිටින බවයි.

සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථා­වල සිර වී සිටි විදේ­ශි­ක­යන් විශාල පිරි­සක් මේ වන විට හමුදා බාර­යට ගෙන ඇති අතර, ඔවුන් විවිධ රට­වල පුර­වැ­සි­යන් බවට ද හඳුනා ගෙන තිබේ. ජාත්‍ය­න්තර ප්‍රජාව මිය­න්මා­ර­යට පැමිණ සිය පුර­වැ­සි­යන් නැවත රැගෙන යෑමට කට­යුතු කළ යුතු බව එරට ස්වදේශ කට­යුතු නියෝජ්‍ය ඇමැති මේජර් ජෙන­රාල් අවුන් ක්යැව් මාධ්‍ය හමු­වක් කැඳවා ප්‍රකාශ කැර තිබේ.

 පසු­ගිය ජන­වා­රියේ සිට සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථාන වැට­ලීමේ මෙහෙ­යුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රට­වල් 47කට අයත් 13,272 දෙනකු හමුදා බාර­යට ගෙන ඇති අතර, ඉන් 1,655 දෙනකු තව­මත් රඳවා සිටින බව  සඳහාන්ය.

තායිලන්තයේ සිටින  Cyber World  Press වාර්තාකරු පැවසුවේ, මෙම සයි­බර් අප­රාධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුළුව ජාතීන් 20කට අයත් පුද්ගලයන් 250කට අධික පිරිසක් මුදාගෙන මුලික පරීක්ෂණවලින් පසු ඒ් ඒ් රටවල තානාපති අංශ වෙත භාරදුන් බවයි.

තායිලන්තයේ සිටින  Cyber World  Press වාර්තාකරු

Follow by Email
LinkedIn
Share
WhatsApp