
සාම සාකච්ඡා සඳහා ඉරාන නියෝජිතයන් රැගෙන පකිස්තානයට පැමිණි ගුවන් යානය “මිනාබ් 168 “ ලෙස නම් කැර තිබුණි.
අමෙරිකා – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුගිය පෙබරවාරි 28 වැනිදා ජීවිතක්ෂයට පත් වු ඉරානයේ මිනාබ් නගරයේ පාසලක දැරියන් ඇතුළු 168 දෙනා සිහිපත් කරමින් ගුවන් යානය සකස් කැර තිබීම විශේෂත්වයකි.
ගුවන් යානයේ ආසන මත ජීවිතක්ෂයට පත් වු පාසල් දැරියන් සියල්ලන්ගේම ජායාරුප, මල් සහ ලේ තැවුරුණු පාසල් බෑග් තබා තිබෙන ජායාරූප සහ වීඩියෝ මේ වන විට ලෝකයේම අවධානය දිනා ගත් සංවේදි දර්ශනයක් බවට පත්ව ඇත.
