
මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසම එරට මුල් පෙළ හමුදා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ සහ බලය අවභාවිතා කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව අද (21) නිවේදනය කෙළේය.
ඒ අනුව, හිටපු හමුදා ප්‍රධානී, හෆිසුද්දීන් ජන්ටන් ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද, හිටපු සන්නද්ධ බලකා ප්‍රධානී, මොහ්ඩ් නිසාම් ට එරෙහිව බලය අවභාවිතා කිරීමේ හා විශ්වාසය කඩ කිරීමේ අපරාධ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරේ. හෆිසුද්දීන් ගේ බිරියට එරෙහිව ද මුදල් විශුද්ධිකරණ චෝදනා මත අධිකරණ පියවර ගැනීමට නියමිත ය.
(Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
