
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කරන යුද මෙහෙයුම් නවතාදමා මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය සඳහා පියවර ගන්නා ලෙස සියලු කණ්ඩායම්වලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ කැනේඩියානු අගමැති මාක් කර්නි සමඟ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මේ ඉල්ලීම කර ඇති බව සඳහාන්ය.
ඉන්දියාව නිරතුරුවම සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බවත්, සංවාද සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළින් ගැටුම් විසඳීමට ඉන්දියාව සියලු සහයෝගය ලබා දෙන බවත් අගමැති මෝදි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
ඉරාන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කලාපයේ වත්මන් තත්ත්වය සම්බන්ධව දුරකතනය ඔස්සේ සාකච්ඡා කර ඇතැයි ද, සිවිල් ජනතාවගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාව දෙන ලෙස ඊශ්‍රායල අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දීය කැබිනට් මණ්ඩලය කැඳවා මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය සම්බන්ධව අගමැතිවරයා සාකච්ඡා කර ඇති අතර, බලපෑමට ලක්වූ රටවල සිටින ඉන්දීය ජාතිකයන්ට සහාය වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද සඳහාන් වේ.
