Impartial news reporting for a stronger democratic society
මැදපෙරදිග ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් !

කටාර්හි අගනුවර වන දෝහාහි අවම වශයෙන් නව පිපිරීම් තුනක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍යය සඳහාන් කැර ඇත.

රැකියා ඇතුළු විවිධ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ජනතාවට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්, බලධාරීන් නිකුත් කරන ආරක්ෂක විධිවිධාන ඒ අයුරින්ම පිළිපදින ලෙසත්, නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ  මෙසේ සඳහාන් වේ.

මැදපෙරදිග කලාපය තුළ මේ වනවිට ඇතිව තිබෙන හදිසි තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් හට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්, බලධාරීන් නිකුත් කරන ආරක්ෂක විධිවිධාන ඒ අයුරින් ම පිළිපදින ලෙසත්, නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටි.

තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි සේවාවත් ලබා දීමට විවෘතව පවතින අතර හදිසි තත්ත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ඕනෑම ගැටලුවක් පහත විද්‍යුත් තැපෑල සහ WhatsApp දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්ද ලබා දී තිබේ. ඒ අනුව +94719802822 අංකය ලබා දී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp