
මෙම වසරේ ගතවූ මාස තුනක කාලයේදී නාවික හමුදා මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 25කට අධික වටිනාකමකින් යුතු විෂ මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ශ්රී ලංකා නාවික හමුදාවේ මාධ්ය ප්රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්ය සාකච්ඡාවකට එක් වෙමිනි.
තවදුරටත් ඒ් මහතා මෙසේද පැවසීය.
මෙම කාලසීමාව තුළ බහුදින ධීවර යාත්රා 9ක් සමඟ සැකකරුවන් 49 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, එම පිරිස ඉදිරි නීතිමය විමර්ශන කටයුතු සඳහා භාරදුන්නා. විශේෂයෙන්ම ශ්රී ලංකා නාවික හමුදාව සාගරය මූලික කර ගෙන නොගැඹුරු මුහුද මෙන්ම ගැඹුරු මුහුදු කලාපයේ විශේෂ සැලසුම් ක්රියාත්මක කරමින් ආවේක්ෂණ කටයුතු සිදු කරනවා. විෂ මත්ද්රව්ය මෙරටට ඇතළු වන ප්රධාන මාර්ගවල සාර්ථකව වැටලීම් සිදු කරනවා. ඒ සඳහා පළපුරුදු නාවික හමුදා භට පිරිස් යොදා ගෙන තිබෙනවා.
මත්ද්රව්ය විරෝධී දේශීය ආයතන මෙන්ම විදේශීය ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් ශ්රී ලංකා පොලීසිය , විශේෂ කාර්ය බලකාය ඇතුළු සෙසු ආයතන සමග එක්ව මෙම වැටලීම් සිදු කෙරෙන අතර පැය 24 පුරා මෙම ආවේක්ෂණ කටයුතු සිදු කරනවා.
ලැබෙන නිවැරදි තොරතුරු පාදක කර ගනිමින් දින කිහිපයක් පුරා සාගරයේ ගතකර දේශීය මෙන්ම ජාත්යන්තර නීතියට අනුකූලව ඉතා සංකීර්ණ සැලසුම් ඔස්සේ මෙම වැටලීම් සිදු කෙරෙනවා.
තවද මෙම විෂ මත්ද්රව්ය ප්රවාහනය සඳහා ධීවර යාත්රා උපයෝගී කර ගන්නාවා. මෙම නීති විරෝධී කටයතු සඳහා දායක නොවන ලෙස ධීවර ප්රජාවගෙන් ඉල්ලා සිටිනවා.අත්අඩංගුවට පත් එම ධීවර ප්රජාව තමන් රැවටීමට ලක් කරමින් මෙම විෂ මත්ද්රව්ය ජාවාරම් සඳහා යොදා ගත් බව පවසනවා. නීති විරෝධී ක්රියා සඳහා කිසිවිටක සහයෝගය ලබා නොදෙන ඉල්ලා සිටිනවා.
එසේම විෂ මත්ද්රව්ය මුලිනුපුටා දැමීම සඳහා ඉදිරියේදී තීව්ර මෙහෙයුම් සිදු කරනවා. 105, 1818 මෙන්ම 1997 යන කෙටි දුරකතන ඔස්සේ ඕනෑම වේලාවක ජනතාවට මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දිය හැකි. විශ්වසනීයත්වය උපරිමයෙන් ආරක්ෂා කෙරෙන බැවින් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බව මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
