Impartial news reporting for a stronger democratic society
මාලදිවයිනෙන් ලංකාවට ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින්  දිට්වා  සුළි කුණාටුවෙන් ආපදාවට  පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කැර තිබේ.

බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය ඊයේ (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දුන් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, බටහිර නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අණදෙන නිලධාරී කොමදෝරු අරුණ විජේවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.

ආපදාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර මෙම ආහාර ද්‍රව්‍ය කඩිනමින් ආපදාවට ලක් වු ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp