Impartial news reporting for a stronger democratic society
මහ මැතිවරණයට මැදිහත් වන්නැයි බංග්ලාදේශයේ අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානි හමුදාවෙන් ඉල්ලයි

ලබන මාර්තු මාසයේ   පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා මැදිහත් වන්නැයි බංග්ලාදේශයේ අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානි මොහොමඩ් යූනුස් හමුදාවෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මැතිවරණයේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීම සඳහා  සහාය වන ලෙස අන්තර්වාර ප්‍රධානියා එරට හමුදාවෙන් ඉල්ලා සිටීම බංග්ලාදේශ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවටත්, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් එමඟින් අපේක්ෂා කළ නොහැකි බවටත් චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.

පසුගිය වසරේදී ශෙයික් හසීනාගේ අවාමි ලීග් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා සිදු කළ තරුණ අරගලය අතරතුර බංග්ලාදේශ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අපරාධ චෝදනා එල්ල වී තිබියදී මැතිවරණය සඳහා හමුදාවේ සහාය අපේක්ෂා කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව බංග්ලාදේශයේ දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා පසුගිය කාලය තුළ එරට ඉස්ලාමීය මූලධර්ම වර්ධනය කිරීම සඳහා අන්තවාදී සංවිධානයක් ලෙස තහනමට ලක්වී සිටි ජමාටි ඉස්ලාමි සහ අලුතින් පිහිටුවනු ලැබූ ජාතික පුරවැසි පක්ෂයට සහාය ලබාදී ඇතැයිද චෝදනා එල්ල වී තිබේ.

Cyber World Press -Daka

Follow by Email
LinkedIn
Share
WhatsApp