
මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට අද (19) සිට ලබන සඳුදා ( 22) යළි නිවාඩු ලබා දීමට තීරණය කැර ඇත.
මධ්‍යම පළාත තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව එම පළාතේ අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර දීර්ඝ සාකච්ඡාවක් ඊයේ(18) දහවල් පැවැත්විණි.
මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි මේ වන විට ඇතිවී තිබෙනන අතර ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
