බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබු හා ශ්‍රී ලංකාවේ දී ඝාතනයට ලක් වු සියලු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා නැඟෙනහිර පළාතේ දී ගිනි පන්දම් විරෝධයක් පසුගිය දා (28) සංවිධානය කැර තිබිණි.
මෙම විරෝධතාවය දියත් කැර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැඟෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
ශ්‍රී ලංකාවේ දී ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය අසල දී, ජනවාරි 28 වැනිදා රාත්‍රියේ පන්දම් දල්වා මෙම සාමකාමී විරෝධතාවයක් දියත් කෙරෙණි.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය කරන ලද මේ මාසය ‘කළු ජනවාරිය’ ලෙස හඳුන්වා ඇත.

මාධ්‍යවේදීන් 44 ක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැර ගැනීම් ඇතුළු පීඩාවලට රට තුළදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ වෙන තෙක් කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු වී නොමැති බව සඳහාන් කිරීම වැදගත්ය.