Impartial news reporting for a stronger democratic society
මනුෂ්‍ය ඝාත­න­යක්  සැල­සුම් කර­මින් සිටි 4ක් ගිනි අවි සහ  මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

   මනුෂ්‍ය ඝාතන සිදු කළ  තවත් මනුෂ්‍ය ඝාත­න­යක් සිදු­ කි­රී­මට සැල­සුම් කර­මින් සිටි සැක­ක­රු­වන් සිව් දෙනකු විදේ­ශීය රටක නිෂ්පා­දිත ගිනි අවි­යක්, පත­රොම් හා මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව මීටි­යා­ගොඩ පොලී­සිය පව­සයි.

පසු­ගි­ය 29 වැනි  දින උදෑ­සන කාලයේ මීටි­යා­ගොඩ පොලිස් වසමේ මහ­වත්ත ප්‍රදේ­ශයේ නි‍වෙ­සක සැඟව සිටි­යදී විදෙස් රටක නිෂ්පා­දිත රිවෝ­ල්වර වර්ගයේ ගිනි අවි­යක් හා එම අවි­යට යොදනු ලබන පත­රොම් 06ක්, හෙරො­යින් ග්‍රෑම් 13යි මිලි­ග්‍රෑම් 900ක් සන්ත­කයේ තබා­ගෙන සිටි සැක­ක­රු­වකු හා හෙරො­යින් ග්‍රෑම් 14 මිලි­ග්‍රෑම් 100ක් සන්ත­කයේ තබා­ගෙන සිටි සැක­ක­රු­වන් දෙදෙ­නකු මීටි­යා­ගොඩ පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් 2025.11.17 දින මීටි­යා­ගොඩ පොලිස් වස­මේදී වෙඩි තබා පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ අප­රා­ධ­යට සම්බන්ධ අයකු හා එම වෙඩි තැබී­මට පැමිණි යතු­රු­පැ­දියේ පැදි­කරු වන සැක­කරු හා එම අප­රා­ධ­යට ආධාර අනු­බල දුන් සැක­ක­රු­වකු බවට දැනට සිදු­ක­රන විම­ර්ශ­නය අනුව අනා­ව­ර­ණය වී ඇති බව පොලී­සිය කියයි.‍

එම නි‍වෙසේ සිටි­ය­දීම හෙරො­යින් ග්‍රෑම් 11යි මිලි­ග්‍රෑම් 500ක් සමඟ සැක­ක­රු­වකු හා හෙරො­යින් ග්‍රෑම් 10 මිලි­ග්‍රෑම් 500ක් සමඟ තවත් සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම එක් සැක­ක­රු­වකු 2025. 05.03 වන දින මීටි­යා­ගොඩ, එර­න­විල ප්‍රදේ­ශ­යේදී ගිනිඅවි දෙක­කින් පුද්ග­ල­යන් දෙදෙ­න­කුට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වකු බවට අනා­ව­ර­ණය වී ඇත.

මෙම සැක­ක­රු­වන් අවු­රුදු 22, 23, 28 හා 34 වය­ස්වල පසු­වන මීටි­යා­ගොඩ හා අවට ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් වෙති.

මෙම සැක­ක­රු­වන් විදේ­ශ­ග­තව සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­ව­කුගේ සහෝ­ද­ර­ය­කුට අයත් මීටි­යා­ගොඩ පොලිස් වසමේ මහ­වත්ත ප්‍රදේ­ශයේ පිහිටි නි‍වෙ­සක මෙලෙස සැඟව සිටි­මින් තවත් මනුෂ්‍ය ඝාත­න­යක් සිදු­කි­රීම සඳහා සැල­සුම් කර ඇති බවට දැනට සිදු­ක­රන පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. මීටි­යා­ගොඩ පොලී­සිය මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු­ක­රනු ලබයි.

දිනමිණ – ගාල්ල දිස්ත්‍රික් සංචා­රක – ධර්ම­දාස සිරි­ව­ර්ධන

Follow by Email
LinkedIn
Share
WhatsApp