
පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව දිනිත් ජයවීර මහතාගේ සර්ව ජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් යන සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ..
පසුගිය 14 වැනි දා ඔහුව පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඒ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළවයි.
පහරකෑමෙන් අදාළ පුද්ගලයාගේ දත් කිහිපයක් කැඩී ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙම මන්ත්‍රීවරයා එදින අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.
එම ගැටුම සිදුවන අවස්ථාවේ දී පුද්ගලයකු මියගිය අතර එම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට එහිදී තීරණය විය.
පහර දීමට අමතරව මෙම ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් යන පුද්ගලයාටය.
ඒ අනුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අද පෙරවරුවේ යළි අත්අඩංගුවට ගෙන තිබේ.
(දිනමිණ ඇසුරෙන්)
