Impartial news reporting for a stronger democratic society
මන්නාරම දකුණු මුහුදේ දී හෂිස් කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මන්නාරම දකුණු මුහුදේ සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර දෙකක්  සහ  ඩිංගි යාත්‍රාවක්  පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක්  අද (14) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාවත්, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙක  සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දීමෙන් පසු කළ විශේෂඥ පරීක්‍ෂාවේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බව තහවුරු වී ඇත.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව, හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගය සමඟ සැකකරුවන් දෙදෙනා ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp