
කාර්මිකමිකෂයකට ලක්වීම හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පසුගිය දා ආරක්ෂිත ගොඩබෑස්ස වූ TK733 නම් තුර්කි ගුවන්යානය ඊයේ (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පවසා සිටියේ, එම යානයේ මගීන් 202ක් සහ කාර්යය මණ්ඩල සමාජිකයන් 10 දෙනෙකු සිටි බවත්, ඊයේ නැවත ඉස්තාන්බුල් නුවර බලා එම ගුවන් යානාය ප.ව. 5.41ට මෙරටින් පිටත් පිටත්ව යෑමේ දී මගීන් 51ක් සිටි බවයි.
තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව, හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000ක පමණ උසකින් නොට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට ගුවන් නියමුවා පියවර ගෙන තිබුණි. මේ සඳහා ඔහුට පැය දෙකකට අධික කාලයක් ගතවී තිබේ.
