Impartial news reporting for a stronger democratic society
බෞද්ධාගමට සිදු වන අගතිය ගැන ජනතාව  කියන්න ත්‍රෛනිකායක මහා සංඝරත්නයෙන් පාගමනක්!

බෞද්ධාගමට සහ ශාසනයට වත්මන් ආණ්ඩුව යටතේ සිදුවෙන බොහෝ අගතියන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රෛනිකායක මහා සංඝරත්නය කොළඹදී දැවැන්ත පාද චාරිකාවක් පැවැත්වීමට තීන්දු කැර ඇතැයි අනාවරණය වෙයි.
ත්‍රෛනිකායක මහා සංඝරත්නය 2500 නමකගේ සහභාගිත්වයෙන් මෙම පාද චාරිකාව සංවිධානය කිරීම සම්බන්ධව පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මේ සඳහා මුරුත්තෙට්ටුවේ  ආනන්ද හිමි, මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතනන නාහිමි, තිනියාවල පාලිත නාහිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් ගණනාවක්ම සහභාගි වූහ.
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාද දැනුවත් කොට අනුනායක හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයද සහිතව මෙම පාගමන සංවිධානය කිරීමට මෙහිදී තීරණය වී ඇත.
ස්වාමීන් වහන්සේලා 2500 නමක් තුන් නිකායෙන්ම ඊට සහභාගී කැර ගැනීමට ද තීන්දු කැර ඇත.
පා ගමන ආරම්භ වන්නේ නාරාහේන්පිට අභයාරාමයේ සිටය. එතැන් සිට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණ එතැනදි සත්‍ය ක්‍රියාවක් පැවත්විමටද සංවිධායක මණ්ඩලය තීන්දු කැර තිබේ.
මෙහිදී ගත් තවත් විශේෂ තීරණයක් වන්නේ මෙම අවස්ථාවට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන නායකයෙකු සහභාගි නොකර ගැනීමට ගනු ලැබූ තීන්දුවයි.

(lankalokaya ,  රන්ජිත් ආනන්ද ජයසිංහ ලියන ලද ලිපියක් ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp