Impartial news reporting for a stronger democratic society
බෙංගාල බොක්ක කැළ‌ඹෙයි ! සෙන්යාර් සුළි කුණා­ටුවක් දක්වා  වර්ධනය වෙයි — ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කියයි

බෙංගාල බොක්ක ආශ්‍රි­තව මැලේ­සි­යාව සහ මලක්කා අර්ධ­ද්වී­පය අවට මුහුදු තීරයේ නිර්මා­ණය වූ අඩු පීඩන කලා­පය මේ වන විට පීඩන අව­පා­ත­යක් ලෙස වර්ධ­නය වෙමින් පව­තින බව ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය  පවසයි කරයි.

මේ තත්ත්වය මත ඉදිරි පැය කිහි­පය ඇතු­ළත එය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම ඉහළ ගොස් ඇතැයි ඊයේ(26) දහ­වල් ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු ඇඟවූ බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් කියයි.

සුළි කුණාටු තත්ත්වය පිළි­බඳ එරට කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අඛ­ණ්ඩව නිරි­ක්ෂ­ණය කර­මින් සිටින බවත්, ඉදිරි පැය කිහි­පය ඇතු­ළත මේ පිළි­බඳ නිවේ­ද­න­යක් නිකුත් කිරී­මට නිය­මිත බවත් වාර්තා වේ. අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් ඊයේ(26) රාමේ­ස්ව­රම් නග­රයේ සියලු පාසල් වසා දැමී­මට පිය­වර ගෙන තිබූ අතර, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ උප­දෙස් අනුව ඉදිරි පිය­වර ගැනී­මට තමි­ල්නාඩු ප්‍රාන්ත බල­ධා­රින් සූදා­න­මින් පසු­වන බව ද වාර්තා වේ.

ජාත්‍ය­න්තර සුළි කුණාටු වර්ගී­ක­ර­ණය යටතේ සෙන්යාර් සුළි කුණා­ටුව නමින් දැන­ට­මත් නම් කැර ඇති මේ කුණාටු තත්ත්වය හේතු­වෙන් අන්ද­මන් සහ නිකො­බාර් දූප­ත්ව­ලට ලබන 28 වැනිදා දක්වා අධික වර්ෂා­වක් පතිත වන බව කියයි.

දකුණු ඉන්දි­යාවේ තමි­ල්නාඩු, කේරළ සහ අන්ද්‍ර ප්‍රාන්ත­ව­ලට ද වර්ෂා­වෙන් දැඩි බල­පෑම් එල්ල වනු ඇතැයි අනා­වැකි පළ වී ඇති අතර, දැන­ට­මත් අව­දා­නම ඉහළ ගොස් ඇති සෙන්යාර් සුළි කුණා­ටුව අද පස්ව­රුව වන විට දකුණු ඉන්දීය මුහුදු සීමා­වට ඇතු­ළු­වීමේ හැකි­යාව ඉහළ ගොස් ඇතැයි අන­තුරු අඟවා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp