
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට සෘජුව සම්බන්ධ වී අති ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු අද (27) අලුයම ඉන්දියාවේ බුම්බායි නුවර සිට මෙරටට ගෙන එනු ලැබීණි.
මෙම සැකකාරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් යානයෙන් දිවයිනට රැගෙන එන ලද බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ බුද්ධි නිලධාරීයා ප්‍රකාශ කෙළේය.
ඉන්දියාවේ බුම්බායි නුවරට ඊයේ පිටව ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලදී.
මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කෙළේය.
මෙහි දැක්වෙන්නේ සැකකරු ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන එන අවස්ථාවයි.
