Impartial news reporting for a stronger democratic society
බුබියාන් දිවයිනේ අමෙරිකා කඳවුරකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර

කුවේට් රාජ්‍යයට අයත් බුබියාන් දිවයිනේ  පිහිටවා ඇති  අමෙරිකා එක්සත් ජනපද බල ඇණි  කඳවුර වෙත ඉරානය අද (6) ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල  කැර ඇත.
එම කඳවුරේ ඇති චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සහ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල කැර ඇති බව  අනාවරණය වෙයි.

අරිෆ්ජාන් කඳවුරේ ස්ථාපිත අමෙරිකා එක්සත් ජනපද හමුදා කාණ්ඩයන්ට  මෙයට පෙර  ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හමුවේ, එම කඳවුර බුබියාන් හි ස්ථාන ගත කිරීමට පියවර ගැනිණි.

බුබියාන් යනු කුවේට් රාජ්‍යයට අයත් වෙරළ බඩ දිවයින් සමූහයට අයත් විශාතම දිවයින වේ.

උතුරු කුවේටය වෙත එල්ල කෙරුණු එම ඉරාන ප්‍රහාරයත් සමඟ එහි නේවාසික කලාපයකට ඇඳ වැටුණු  සුන්බුන් හේතුවෙන් සිවිල් වැසියන් සය දෙනකු තුවාල ලබා ඇත.

 (Reuters ඇසුරින්)

Follow by Email
LinkedIn
Share
WhatsApp