Impartial news reporting for a stronger democratic society
බාලේන්ද්‍ර ෂා දිවු­රු­ම්දී­  පැය 24ක් යන්නට පෙර නේපාලයේ හිටපු අගමැති ඔලි සහ හිටපු ස්වදේශ කට­යුතු ඇමැති රමේෂ් අත්අඩංගුවට

නේපාලයේ හිටපු අග­මැ­ති­ කේපී ෂර්මා ඔලි පෙරේදා  (27) අත්අ­ඩං­ගු­වට ගෙන  තිබේ.

නේපා­ලයේ නව අග­මැ­ති­ව­රයා ලෙස  පත් වු රැප් ගායක බාලේන්ද්‍ර ෂා දිවු­රු­ම්දී­මෙන් පැය 24කට පසු නේපා­ලයේ හිටපු අග­මැති කේපී ෂර්මා ඔලි අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව  අනාවරණය වෙයි.

පසු­ගිය සැප්තැ­ම්බ­රයේ සිදු වූ ඉසෙඩ් පර­පුරේ විරෝ­ධ­තාව අත­ර­තුර පොලිස් වෙඩි පහ­රින් 70කට අධික විරෝ­ධ­තා­ක­රු­වන් පිරි­සක් මිය­යෑමේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් හිටපු අග­මැ­ති­ කේපී ෂර්මා ඔලි ට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

කත්මාන්ඩු නුවර කේන්ද්‍ර කැර  ගනිමින් සිදු වූ විරෝ­ධ­තා පිළි­බඳ විම­ර්ශන කිරීම  සඳහා පත් කළ විශේෂ කමි­ටුවේ නිර්දේශ මත හිටපු  අග­මැ­ති­ව­රයා සමඟ හිටපු ස්වදේශ කට­යුතු ඇමැති රමේෂ් ලේකක් ද අත්අ­ඩං­ගු­වට  ගෙන ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp