Impartial news reporting for a stronger democratic society
බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශයන් සීමා කිරීමට ආණ්ඩුවේ අවදානය!

පාසල් සිසුන් සහ බාලවයස්කරුවන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ හැකියාවන් පිළිබඳව ආණ්ඩුව මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව  අනාවරණය වෙයි.

සමාජ මාධ්‍ය වේදිකාවල බාලවයස්කරුවන් සෞඛ්‍ය සම්පන්න සීමාවන් ඉක්මවා යන බවට දෙමාපියන් සහ කොටස්කරුවන්ගෙන් එල්ල වන කනස්සල්ල මධ්‍යයේ මෙම මුලපිරීම පැමිණ තිබේ. මෙම ගැටලු තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා රජයේ දෙපාර්තමේන්තු දැනටමත් පර්යේෂණ ආරම්භ කැර ඇති බව සඳහාන්ය.

මේ තත්ත්වය පිළිබඳව කළ විමසුමකදී ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය  ඇමැති එරංග වීරරත්න කියා සිටියේ “අපි සාකච්ඡාවේ මුල් අවධියේ සිටිනවා. වයස් සීමාවන්, ක්‍රියාත්මක කිරීමේ දිනයන් හෝ එවැනි රෙගුලාසි ගත හැකි නිශ්චිත ආකාරය පිළිබඳව කිසිදු තීරණයක් තවම ගෙන නැහැ” වීරරත්න මහතා පැවසීය.

අධ්‍යාපන, ජනමාධ්‍ය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශ සාමූහිකව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන්නේ නම්, තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය  අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය වැනි රටවල් සමාන සීමාවන් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කරමින් වීරරත්න ජාත්‍යන්තර උදාහරණ පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රතිපත්තියක් දේශීය තත්ත්වයන්ට අනුව සකස් කළ යුතු බව ඔහු  වැඩි  දුරටත් අවධාරණය කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp