Impartial news reporting for a stronger democratic society
බලු­කි­ස්තා­න විමුක්ති පෙර­මුණේ  ප්‍රහාරවලින් පාකි­ස්තාන හමුදා සෙබළු 50ක් මරුට

දකු­ණු ­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්ත­ රජයේ හමු­දාව සහ බලු­කි­ස්තාන විමුක්ති පෙර­මුණ අතර සිදු වූ ගැටු­ම්ව­ලින් හමුදා සෙබ­ළුන් 50කට වැඩි පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි බලු­කි­ස්තාන පෝස්ට් පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press  සඳහාන් කරයි.

 එම ප්‍රාන්තයේ කාරන් දිස්ත්‍රි­ක්කයේ පසු­ගි­යදා එම ගැටුම් සිදුවී ඇති අතර, පැය 9කට අධික කාල­යක් දෙපා­ර්ශ්වය අතර වෙඩි හුව­මා­රුව සිදු වූ බව ද  සඳහාන්ය.

 නිවේ­ද­න­යක් නිකුත් කර­මින් බලු­කි­ස්තාන විමුක්ති පෙර­මුණ ප්‍රකාශ කැර ඇත්තේ රජයේ හමු­දා­වට එරෙ­හිව සිදු කළ යුද ගැටු­ම්ව­ලින් සිය සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් සිවු­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවයි.

එම නිවේ­ද­න­යට අනුව බලු­කි­ස්තාන විමුක්ති පෙර­මුණ කාරන් නග­රයේ පොලිස් ස්ථානය අත්පත් කර­ගෙන ඇතැයි ද, පොලිස් නිල­ධා­රීන් ප්‍රාණ ඇප­යට ගෙන ඇතැයි ද සඳ­හන් වන අතර, අවි ආයුධ තොග­යක්ද සංවි­ධා­නය භාර­යට ගෙන ඇතැයි ද  සඳහාන් වේ. එම සංවි­ධා­න­යට අයත් තවත් කණ්ඩා­ය­මක් නග­රයේ බැංකු කිහි­ප­ය­කට ප්‍රහාර එල්ල කළ බව එම නිවේ­ද­නයේ සඳ­හන් වී ඇතැයි බලු­කි­ස්තාන පෝස්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත්   පෙන්වා දෙන බව Cyber World Press  සඳහාන් කරයි.

Cyber World Press – Islamabad  

Follow by Email
LinkedIn
Share
WhatsApp