
පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ හමුදා රථ පෙළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී වු බව Cyber World Press විශේෂ නියෝජිත අනාවරණය කරයි.
වාහන 6කින් සමන්විත හමුදා රථ පෙළ බලුකිස්තානයේ කරන් දිස්ත්‍රික්කයේ මාර්ගයක ධාවනය වෙමින් තිබියදී මේ ප්‍රහාරය එල්ල වී ඇති අතර, බලුකිස්තාන බෙදුම්වාදී විමුක්ති සංවිධානය එහි වගකීම භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය ද වැඩිදුරටත් සඳහාන් කැර ඇත.
එදිනම එම ප්‍රාන්තයේ ග්වාඩර් දිස්ත්‍රික්කයේදී හමුදා යතුරුපැදිකරුවන් ඉලක්ක කරමින් බලුකිස්තාන විමුක්ති සංවිධානය සැඟවි සිට එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් තිදෙනකු මියගොස් ඇතැයි ද, තවත් සෙබළකු බරපතළ තුවාල ලබා ඇතැයි ද සඳහාන් වේ. හමුදා සෙබළුන් එම ප්‍රාන්තයේ ඉන්ධන ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීමක් හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන සන්නද්ධ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි බලුකිස්තාන් පෝස්ට් පුවත් සේවය සඳහන් කෙළේය.

