
බංග්ලාදේශයේ තරුණ කොටස් පිහිටුවා ගත් ජාතික පුරවැසි පක්ෂය ඉදිරි මැතිවරණයේදී එරට ජමාටි ඉස්ලාම් අන්තවාදී මුස්ලිම් සංවිධාන පක්ෂය සමඟ සන්ධානගත වීමට ගත් තීරණයත් සමඟ එම පක්ෂය කොටස් දෙකකට බිඳී ගොස් ඇතැයි එරට මාධ්‍ය සඳහාන් කරයි.
ශෙයික් හසීනාගේ රජය බිඳ දැමීමට මූලිකත්වය ගත් තරණ කණ්ඩායම් එකරාශී වී මෙම පක්ෂය පිහිටුවා ගෙන ඇති බව සඳහාන්ය.
දූෂණය සහ අන්තවාදය පිටුදැකීමේ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන පුරවැසි පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව එම පක්ෂයේ නායකයන් ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධතා රැසක් මතු වී ඇතැයි ද අනාවරණය වෙයි . ඉදිරි මැතිවරණයේදී එම පක්ෂයෙන් නාමයෝජනා භාරදීමට නියමිතව සිටි ශිෂ්‍ය අරගලයේ පෙරමුණ ගත් නායිකාවක වන ටස්නීම් ජාරා ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරගවදින බව දැනටමත් නිවේදනය කැර ඇති අතර, පුරවැසි පක්ෂය යටතේ නාමයෝජනා භාරදීමට නියමිත තවත් තරුණ තරුණියන් රැසක් ද ඉදිරියේදී ස්වාධීනව තරගවැදීමට සූදානමින් සිටින බවද බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
