Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් අර්බු­දය අවදානමක !ශෙයික් හසී­නාට දෙන මරණ දඬු­වම  ක්ෂමා සංවි­ධා­නය හෙළා දකී

බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාට එරට අප­රාධ අධි­ක­ර­ණය මරණ දඬු­වම නියම කිරීම හෙළා දකින බවට ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නය ප්‍රකාශ කැර   සිටි.

අවාමි ලීග් රජ­යට එරෙ­හිව එරට අප­රාධ අධි­ක­ර­ණය  හිටපු අග­මැ­ති­නි­යට සහ ස්වදේශ කට­යුතු ඇමැති අසා­දු­ස්ස­මාන් ඛාන් කමාල්ට මරණ දඬු­වම නියම කරනු ලැබීමෙන් යුක්තිය බර­ප­තළ ලෙස බිඳ වැටී­ම­කට ලක් වී ඇති බව ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නයේ මහ­ලේ­කම් ඇග්නස් කැල­මාර්ඩ් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් කියයි. වින්දි­ත­යන්ට වග­වීම ලබා දීමට එම තීන්දුව අස­මත් වී ඇතැයි ද, ඒ වෙනු­වට බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් අර්බු­දය තව­දු­ර­ටත් අව­දා­න­ම­කට ලක්වී ඇතැයි ද ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රිය සඳ­හන් කැර තිබේ. පසු­ගිය වසරේ සිදු වූ සංහා­රයේ වින්දි­ත­යන්ට සැබෑ යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ මරණ දඬු­වම ලබා දීම නොව, ජාත්‍ය­න්තර මානව හිමි­කම් ප්‍රමි­තීන් සපු­රා­ලන ස්වාධීන, අප­ක්ෂ­පාතී හා විනි­වි­ද­භා­ව­ය­කින් යුතු අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යක් බවත් ඇය අව­ධා­ර­ණය කැර තිබේ. එවැනි ප්‍රමි­තීන් ක්‍රියා­ත්මක කිරීම නොස­ළකා සියලු නඩු­ව­ලදී මරණ දඬු­වම නියම කිරී­මට කොන්දේසි විර­හි­තව විරුද්ධ වන බව ද ඇග්නස් කැල­මාර්ඩ් වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

දිනමිණ- ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp