Impartial news reporting for a stronger democratic society
බංග්ලාදේශයේ  ආණ්ඩු බලය ගන්න දෙකොන් සට­නක් !

බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය සහ ජමාටි ඉස්ලාමි පක්ෂය අතර තියුණු මැතිවරණ සටනක්  මේ වන විට පවතින බව  එරට සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 බංග්ලා­දේශ මහ­මැ­ති­ව­ර­ණ­ය තව නොබෝ දිනකින් පැවැත් වීමට නියමිත අතර හිටපු අගමැතිනි ශෙයික් හසී­නාගේ  ආණ්ඩුව බිඳ වැටී­මෙන් පසු පළ­මු­ව­රට පැවැ­ත් පවත්වනු ලබයි.

අවාමි ලීග්  ආණ්ඩු යටතේ පන­වනු ලැබූ තහ­නම අන්ත­ර්වාර  ආණ්ඩුව ඉවත් කිරි­මෙන් පසු ජමාටි ඉස්ලාමි පක්ෂය මැති­ව­රණ වේදි­කා­වට පිවිසී සිටින අතර, අභා­ව­ප්‍රාප්ත හිටපු අග­මැ­ති­නිය කලිඩා සියාගේ බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය ඇගේ පුත්‍රයා වන තාරික් රහ්මාන්ගේ නාය­ක­ත්ව­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වී සිටි. පක්ෂ දෙක අතර බලය අත්කර ගැනීමේ තියුණු සට­නක් මේ වන විට නිර්මා­ණය වී ඇතැයි බංග්ලා­දේශයේ සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

සිය පක්ෂය බල­යට පත්වු­ව­හොත් එරට ආර්ථි­කය සහ වෙළෙඳ ප්‍රති­ප­ත්තිය සම්පූ­ර්ණ­යෙන්ම ප්‍රති­සං­ස්ක­රණ කරන බවට ජාති­ක­වාදී පක්ෂය ප්‍රකාශ කැර ඇතැයි ද, ජමාටි ඉස්ලාමි පක්ෂය බල­යට පත්වු­ව­හොත් එරට ඉස්ලා­මීය රජ­යක් බිහි­වීමේ පසු­බි­මක් නිර්මා­ණය වීම වැළැක්විය නොහැකි කරුණක් බව විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වුවත් ජමාටි ඉස්ලාමි පක්ෂයේ ව්‍යව­ස්ථා­වට අනුව ෂරියා නීතිය ක්‍රියා­ත්මක කරන බව දැන­ට­මත් එම පක්ෂයේ ඇතැම් අපේ­ක්ෂ­ක­යන් මැති­ව­රණ වේදි­කාවේ ප්‍රකාශ කිරී­මෙන් එරට කාන්තා­වන් අතර අප්‍ර­සා­ද­යක් පළවී ඇත. තවත් අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඊට විරු­ද්ධව අද­හස් පළ කිරීම හේතු­වෙන් පක්ෂ අභ්‍ය­න්ත­රයේ ගැටලු සහ­ගත තත්ත්ව­යක් මතු වී ඇති බව අනාවරණය  වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp