Impartial news reporting for a stronger democratic society
පොලිසියේ අංශ රැසක වැඩ කටයුතු කොට උඩ ! තනතුරු 40613ක් පුරවා නැහැ

තනතුරු 40613 ක් පුරප්පාඩුවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ අංශ රැසක කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි  අනාවරණය වෙයි.
පොලිස් සේවයේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 84.000 කි. එයින් තනතුරු හතළිස් දාහක් පුරප්පාඩුවීම යනු සමස්ත පොලිසියම බරපතළ සේවක අර්බුදයකට ලක්වීමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  ඇමැති ආනන්ද විජේපාල  ප්‍රකාශ කළේ, පොලිසියට දසදහසක පිරිසක් බඳවා ගැනීමට රජයෙන් අනුමැතිය ලැබී ඇති බවයි.
නිලධාරීන් 1500 ක පිරිසක් දැනටමත් තෝරා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කෙළේය.
සාමාන්‍ය පොලිස් සේවයේ 35116 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 3815 ක්  සහයක සේවා 1682ක්  තනතුරු මෙසේ පුරප්පාඩු වී පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පොලිසියේ පුරප්පාඩු කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් මෙම නිලධාරි හිඟය මතුව තිබෙන බව  සඳහාන් වෙයි.

lankalokaya – අසේල පෙරේරා)

Follow by Email
LinkedIn
Share
WhatsApp