Impartial news reporting for a stronger democratic society
පොලිස්පතිවරයා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කළැයි කියමින් පොලිස් කොමිසමට එරෙහිව ශානි අබේසේකර නඩුවක් ගොනු කරයි

නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරන්නැයි  පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චය සභාව හමුවේ නඩුවක් ගොනු කැර තිබේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිශ්චය සභාව ඉදිරියේ මෙම පැමිණිල්ල මෑතකදී කැඳවන ලදී.

පොලිස්පතිවරයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තමාට අසාධාරණ ලෙස උසස්වීමක් ප්‍රතික්ෂේප  වු  බව අබේසේකර සිය පැමිණිල්ලේ සඳහන් කෙළේය.

කෙසේ වෙතත්, අබේසේකර දැනටමත් ස්ථිර සේවයෙන් විශ්‍රාම ගොස් කොන්ත්‍රාත් පදනමක් මත සේවය කරමින් සිටි බව පවසමින් නීතිමය හේතු මත ජාතික පොලිස් කොමිසම නිර්දේශය ප්‍රතික්ෂේප කැර ඇති බව දැනගන්නට ලැබේ.

පරිපාලන අභියාචනා විනිශ්චය සභාව මේ සම්බන්ධයෙන් අප්‍රේල් 23 වැනි දින විභාගයක් පැවැත්වීමට නියමිතව තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ලෙස මීට පෙර සේවය කළ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙම නඩු විභාගයේදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp