Impartial news reporting for a stronger democratic society
පුටින්  4 වැනිදා ඉන්දි­යාවේ සංචාරයක් අරඹයි 

රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින්  මෙම මස  4 වැනිදා ඉන්දි­යාවේ සංචා­රය කරන බව එරට මාධ්‍ය  සඳහාන් කරයි.

රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එම දෙදින සංචා­රයේ දෙවැනි දින­යේදී ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. 23 වැනි වර­ටත් පැවැ­ත්වෙන ඉන්දීය – රුසියා වාර්ෂික සමු­ළුව සඳහා පුටින් සමඟ රුසි­යානු නියෝ­ජිත කණ්ඩා­ය­මක් ද සහ­භාගි වන බව සඳහාන් වේ.

සමු­ළු­වෙන් පසු රාජ්‍ය නාය­ක­යන් දෙදෙනා අතර පැවැ­ත්වෙන ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වේදී ආර­ක්ෂක, බල­ශක්ති, වෙළෙඳ සහ ආයෝ­ජන සම්බ­න්ධව අව­ධා­නය යොමු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි. යුක්රේන යුද අර්බු­දය ආරම්භ වීමෙන් පසු රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යාවේ සංචා­රය කරන පළමු අව­ස්ථාව මෙය වන අතර, රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනීම මුල්කර­මින් අමෙ­රි­කාව ඉන්දි­යා­වට පන­වනු ලැබූ අති­රේක තීරු­බදු හේතු­වෙන් පුටින්ගේ ඉන්දීය සංචා­රය ජාත්‍ය­න්ත­රයේ වැඩි අව­ධා­න­යට­ ලක් වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp