Impartial news reporting for a stronger democratic society
පැය 48ක් ඇතුළත හෝමූස් විවෘත නොකළහොත් සියලු බලාගාරවලට ප්‍රහාර එල්ල කරනවා – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

 

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා (මාර්තු 21) මේ බව ප්‍රකාශ කැර ඇති අතර, ඉරානයට පැය 48 ක කාල සීමාවක් ලබා දුන්නේ නැව් ගමනා ගමනය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා බව බවසි ඇත.

“ඉරානය තර්ජනයකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, මෙම නිශ්චිත මොහොතේ සිට පැය 48 ක් ඇතුළත  අමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විවිධ බලාගාරවලට පහර දී ඒවා විනාශ කරන බවත් පළමුවැන්න විශාලතම එකකින් ආරම්භ වේ! ”   යැයි ට්‍රම්ප් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කැර තිබේ.

පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය දියත් කළ දා සිට, පළිගැනීමක් ලෙස ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp