
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් මෙසේ වසා දාමා ඇත්තේ දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන විද්‍යාලයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළාය.
