Impartial news reporting for a stronger democratic society
පාතාල කල්ලි දෙකක් දෙහිවලදී ගැටේ –  පුද්ගලයෙක් මරු දකි

දෙහිවල ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්‍රි‍ 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp