Impartial news reporting for a stronger democratic society
පාකිස්තාන සිසුහු ලංකාවට ඇවිත් සිරිනරබති

කොළඹ  දී පැවැත්වෙන වයස අවුරුදු 12 න් පහළ පාපන්දු සහ හොකී තරඟයකට  සහභාගී වීම සඳහා පාකිස්තානයේ ලාහෝර්හි අයිචිසන් විද්‍යාලයේ ද්විතීයික සිසුන්  පිරිසක්  පසුගිය දා (30) ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම සංචාරය අතරතුර එම සිසුන් සහ නිලධාරීන්  පිරිසක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ද පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා සහ මහා කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ව උණුසුම් ලෙස පිළිගත්  අතර  ශ්‍රී ලංකාව පිළිබඳවත්,  දෙරටේ  දිගුකාලීන මිත්‍රත්වය ගැනත් අවබෝදයක්  ලබා දීමට කටයුතු කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp