
පාකිස්තානයේ හමුදාපති ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර්ගේ බලතල ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මතභේදාත්මක සංශෝධනයක් සිදු කර ඇතැයිද, එය පාකිස්තාන පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධිනත්වය සීමා කරමින් හමුදාපතිවරයාට ජිවිත කාලය පුරාම නීතිමය මුක්තියක් ලැබෙන ආකාරයට එම සංශෝධනය සිදු කැර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි. පාකිස්තාන පාර්ලිමේන්තුවේදි සම්මත වූ නව ව්‍යවස්ථා සංශෝධනය එරට ප්රජාතන්ත්රවාදයේ අවමංගල්‍යය ලෙස විපක්ෂයේ දැඩි විවේචනයට ලක්වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාකිස්තානයේ බලවත්ම පුද්ගලයා ලෙස සලකනු ලබන ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ගේ බලතල ඉහළ දැමීම සඳහා වන 27 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එරට පහළ මන්ත්‍රී මණ්ඩලය සම්මත ැර ඇති අතර, ජනාධිපති අසීෆ් අලි සර්දාරි විසින් අත්සන් තබනු ලැබීමෙන් පසු සෙනෙට් සභාවට යොමු කිරීමට නියමිත බව ද සදහාන්ය . නව ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන නිරීක්ෂකයන්, නීති විශේෂඥයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර දැඩි විමතියට හේතු වී ඇති බවත්, පාකිස්තානයේ ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ අනාගත අවිනිශ්චිතභාවය සම්බන්ධව බොහෝ පිරිස් කනස්සල්ල පළ ැර ඇතැයි ද අනාවරණය වෙයි. අසීම් මුනීර්ට පැවරෙන බලතල අනුව ඔහු යුද හමුදාවේ පමණක් නොව, එරට නාවික සහ ගුවන් හමුදාවේ ද අධීක්ෂණය භාරව කටයුතු කරනු ඇතැයි ද, ජීවිත කාලය පුරා ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම මෙමගින් අවහිර ැර ඇතැයි ද වැඩිදුරටත් සදහාන් වෙයි.
දිනමිණ ඇසුරෛන්
