
දේශසීමා සටන් නිමාවට පත් කිරීම සඳහා තලේබාන් නියෝජිතයන් සමඟ සෞදි අරාබියේදී පැවැත් වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව පාකිස්තාන විදේශ ඇමැති ඉෂාක් ඩාර් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මෙයට පෙර කටාර් සහ තුර්කියේදී සිදු කළ සාකච්ඡාවලට සමානව සෞදි අරාබියේදී ද සාකච්ඡා වටයක් පැවති බවත්, පාකිස්තානය අපේක්ෂා කළ ප්‍රතිඵල එම සාකච්ඡාවෙන් ඉටු නොවූ බව විදේශ ඇමැති ඉෂාක් ඩාර් ප්‍රකාශ කැර තිබේ.

පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන දේශසීමා ගැටුම් නැවත ආරම්භ වීමෙන් පසු දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ද බිඳ වැටී ඇති බව අනාවරණය වී තිබේ. ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල වීම, පාකිස්තාන ගුවන් ප්‍රහාර සහ තලේබාන් සංවිධානයෙන් ප්‍රතිචාර දැක්වීම ඇතුළු සිදුවීම් රැසක් ඊට හේතු වී ඇති බව අනාවරණය වෙයි. පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා ගැටුම් කලාපීය රාජ්යතාන්ත්රිකයකු ලෙස චීනයට ද බලපෑම් එල්ල කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාකිස්තානයේ සමීපතම මිතුරු රාජ්‍යයක් වන චීනය වසර 2021 සිට තලේබාන්වරුන් සමඟ ද ස්ථාවර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත්, චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවට සහ ඇෆ්ගනිස්තානය සමඟ ඇති කරගත් ආර්ථික හා උපාය මාර්ගික සංවර්ධන කටයුතු අවදානමට ලක්වී ඇතැයි ද අනාවරණය වෙයි.
Cyber World Press – Islamabad
